පසුගිය දා අන්තර්ජාල හරහා හුවමාරු වූ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා තමන්ට වැඩ කළ අයට රැකියා ලබාදීම සම්බන්ධ වීඩියෝව මුල් කරගෙන ඇමතිවරයාට එරෙහිව සමාජවාදී තරුණ සංගමය විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් අද භාරදී ඇත.
රැකියා ලබාදීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන් ඇමතිවරුන්


නායකත්වය ලබාදිය යුතු නමුත් පුද්ගලයින්ට රැකියා ලබාදීමට තම බලය මෙහෙයවීමට ඔවුනට නීතිමය අවසරයක් නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ රටේ තරුණ තරුණියන් ඇතුළු බහුතරයක් සමස්ත ජනතාව පහුගිය පාලනයට එරෙහිව අරගල කළේ මෙවැනි දුෂිත ක්‍රියා වාර්තාවූ නිසා වන නමුත් මොවුන්ද එම කටයුත්තම කරගෙන යන බව සංගමයේ මතයයි.

ඇමතිවරුන්ගේ කැමැත්තට අනුව රැකියා ලබාදීමේ හැකියාවක් කිසිසේත් නැති බවත්  ඒ ආකාරයට රැකියා ලබාදෙනවා නම් එය දේශපාලන අල්ලසක් බවත් ඔවුන් පවසයි. සජිත් ඇමතිවරයා උස මදිනම් කම්කරු රැකියාවටත් උස වැඩිනම් සිකුරිටි රැකියාවටත් පුද්ගලයින් නම්කරන්නේ නම් මොළේ අඩු අයට දෙන්නේ ඇමතිකම විය යුතු බවද ඔවුන් යෝජනා කර ඇත.

 මෙම දේශපාලන අල්ලස්දීමට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම මගින් සාධාරණයක් බලාපොරොත්තුවන අතරම යෝජිත රැකියා දස ලක්ෂයේ වැඩ පිලිවෙල හරහා කාටත් සාධාරණ ලෙස රැකියා ලබාදීමේ ක්‍රමයක් ඉක්මණින් ඇති කරන ලෙස අගමැතිවරයාට හා ජනපතිවරයාට සන්දේශ මගින් දන්වා ඇත.
ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහතින්