මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමේ කෝප් කමිටු අවසන් වාර්තාව සඳහා එක් අයෙකු හැර 25 ක්වූ සාමාජිකයින් සියල්ලන්ම එකඟවූ නමුත් එහි අන්තර්ගතයේ මතබේද ඇතිවීම මත පාද සටහන් ඇති හා නැති කොටස් දෙකකට 16 ක් හා 9ක් බෙදුණු ලෙස අත්සන යෙදූ බවත් අද කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා. තමාට එදා නැගිට යන්නටද සිදුවූ මෙම භේදය ගැන කරුනු දක්වන්නටද මන්ත්‍රීවරයා පසුව උත්සාහ ගත්තා.

කමිටුවේ සාමාජිකත්වය තිබුණත් මේ දෙකටම අත්සන් කර නොතිබුනේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකයි.
ඔහු පසුගියදා සුනිල් හඳුන්නෙත්ති කමිටුවෙන් නැගිට ගිය උද්වේගකර අවස්ථාවේ පවා එහි නොසිටි අතර අද පාර්ලිමේන්තුවටද නොපැමිණියේය.
ඔහු විදෙස්ගතවී ඇතිදැයි නියෝජ්‍ය කථානායකවරයා විමසීමේදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ


රන්ජන් විදෙස් ගතවී සිට ඊයේ ලංකාවට ඇවිත් තමාට කථාකර තිබුණ බවකි.
අද වාර්තාව ඉදිරිපත් කරද්දි පසුගියදා තමන්ට නැගිට යන්න සිදුවූ හේතු හා අන්තර්ගතයේ ගැටලුව ගැන
 සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරන්නට උත්සාහ කළත් නියෝජ්‍ය කථානායක වරයා එයට ඉඩ නොදී කියා සිටියේ අවසානයේ සියල්ලන් එකඟවී තිබෙන නිසා අභ්‍යන්තර ගැටලු ගැන දැන් කියා සිටීම අනවශ්‍ය බවකි.
එසේ කියමින් එයට ඉඩ ලබා නොදී මගහැරියේය. කමිටුවේ සාමාජික රාවුෆ් හකීම්ද කියා සිටියේ විවිධ අදහස් ඇති අය ඉදිරිපත් කරන තර්ක ගැන අවසන් වාර්තාවේදී හෙළී කිරීම සම්ප්‍රදාය නොවන බවයි.

ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඒ ගැන නොකියා කතා කළේය. ඔහු කියා සිටි ආකාරයට පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ පාද සටහන් නැති වාර්තාව අත්සන් තැබූ 16  දෙනා මෙසේය.
සුනිල් හඳුන්නෙත්ති
රවුෆ් හකීම්
අනුර ප්‍රියදර්ශන යාපා
දයාසිරි ජයසේකර
ලක්ෂ්මන් සෙනෙවිරත්න
ලසන්ත අලගියවන්න
අනුර දිසානායක
චන්ද්‍රසිරි ගජධීර
මහින්දානන්ද අලුත්ගමගේ
බිමල් රත්නායක
වීරකුමාර දිසානායක
එස් ශ්‍රීධරන්
එම් සුමන්තිරන්
වෛද්‍ය නලින්ද ජයතිස්ස
ඥානමුත්තු සී නේසන්
මාවෝ සේනාධිරාජා

පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ පාද සටහන් ඇති වාර්තාවට අත්සන් තැබූ 9 දෙනා මෙසේය.
රවීන්ද්‍ර සමරවීර
සුජීව සේනසිංහ
වසන්ත අලුවිහාරේ
ආචාර්ය හර්ෂ ද සිල්වා
අජිත් පී පෙරේරා
අසෝක අබේසිංහ
අබ්දුල් මහරුෆ්
හෙක්ටර් අප්පුහාමි
හර්ෂණ රාජකරුණා

අවසන් නිර්දේශ සඳහා ඉහත නම් සඳහන් සියල්ල(25) ඒකමතිකව එකඟවී ඇත.