අද කෝප් කමිටුවේ වාර්තාව මගින් මහ බැංකු බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්නයක් විමසූ පා.ම වීරකුමාර
දිසානායක මහතා අර්ජුන් මහේන්ද්‍රන් රට අතැර ගොස් ඇති කතාව


ගැන විවිධ මාධ්‍ය වාර්තා පළව ඇති බවත් එහි ඇත්ත කුමක්ද? කියා විමසා සිටියා.
අගමැතිවරයා එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් තමාට පසුගිය සතියේ අවසන් වරට හමුවූ බවත් මංගල්‍ය උත්සවයකට යන්න තිබෙන බව කියූ බවත්ය. ඒ සමගම කියා සිටියේ උදයංග වීරතුංග වගේ පැනලා ගියේ නෑ ලෙසිනි.
මෙම කමිටු වාර්තාව නිසා අමුතු පිබිදීමක් දැන් විපක්ෂයට හටගෙන ඇති බවත් තමා පාසල් කාලයේ කියවූ යළී අපන්නෙමි නවකතාව මතක්වන බවත් ඔහු කියා සිටියේය.
ඒ අතරම කියා සිටියේ මෙවැනි නිර්දේශ පාර්ලිමේන්තුවෙන් මතුවන තත්වයක් ඇතිව තිබෙන්නේ යහපාලනය නිසා බව මතක් කරගන්නා ලෙසත්ය. එම වීඩියෝව පහතින්