ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ කතාවක් නිසා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික‍්‍රමසිංහ පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි. ඒ ඉල්ලා අස්වීමෙන්
පසු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන ඒ ගැන සතිඅන්ත

ලංකාදීප පුවත්පතට මෙලෙස පවසා තිබේ.

‘එයා කරල තියෙන්නෙ අර සිවිල් සංවිධාන කට්ටිය වගේ මාධ්‍ය වලට ලියුම් ලියන එකනේ. ලියල අස්වෙන වැඬේ කරන්න කලින් එයාට යුතුකමක් තිබුණා මම ලංකාවට එනකං ඉඳල මේ ගැන මාව හම්බවෙලා කථා කරලා බලන්න. ඇයි මෙහෙම ප‍්‍රකාශයක් කළේ කියල එයාට අහන්න තිබුණා. මොකද එයාව පත් කළේ මමනෙ.
මෙතැන වරදක් තියනව නම් මොකද කරන්න  ඕනෙ කියලත් අහන්න තිබ්බා. එයා කළේ රටට පේන්න ලියුම් ලියලා මාධ්‍යයට කියල අස්වුණ එක. මේ සියලූ දෙනාගෙම අත්දැකීම් අඩුකමයි. ප‍්‍රශ්නයක් පිළිබඳ තිබෙන අනවබෝධයයි මම මේ සිද්ධියෙන් දකින්නේ’