කටුනායක ගුවන් තොටුපළ නවීකරණය හේතු කොට ශ්‍රීලන්කන් ගුවන් ගමන් කාලසටහන ගුවන් ගමන් 620 ක දැවැන්ත කප්පාදු කිරීමට සිදු ව ඇතැයි වාර්තාවේ.

මීට පෙර, ගුවන් සමාගම ගුවන් ගමන් වාර 200 ක් කට වඩා වැඩි ප්‍රමාණයක් අවලංගු කරන බව දන්වා තිබූ අතර ඒ අනුව දවසකට ගමන්වාර 7 ක් පමණ අතැර දමා ඇත.
ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

සුරේන් රත්වත්තේ දන්වා ඇත්තේ මුදල් හම්බ කිරීම සඳහා, දළ වශයෙන් දිනකට පැය 11 ත් 14 ත් අතර ගුවන් යානා පියාසර කිරීමට හැකියාව ඇති නමුත්  දිනකට පැය හයක් සඳහා ගුවන් යානා පියාසර කළ නොහැකි විට පිරිවැය වෙනස් නොවී ආදායම පමණක් පහළ බසින නාස්තියක් සිදුව ඇති බවයි.

"අපි වැඩ රාත්‍රියේ පමණක් සිදු කළ යුතු බව කියා සිටි නමුත්, වැඩ කරන ආයතන අපගේ විරෝධතා නොතකා දිවා කාලයේත් වැඩ සිදු කිරීම නිසා මෙම අවුල් සහගත තත්වය ඇතිවුණා“ යයි ඔහු පවසා ඇත.

අපේක්ෂිත ආදායම සේවක ප්‍රශ්න පමණක් නොව වියදම් නිසාද මෙම ප්‍රතිසංස්කරණ කාලයේ ශ්‍රීලන්කන් සමාගමට පාඩු විඳගන්නට සිදුව ඇත.

මෙම ප්‍රශ්නයට විකල්පයක් ලෙස මත්තල පථය යෝජනා වුවද විදේශ වල සිට පැමිණෙන අය පැය 4 ක් ගුවනටත් පැය 4 ක් ගොඩබිමටත් කාලය වැය කරන්න සූදානම් නොමැති යයි පැවසීම නිසා එම යෝජනාව ඉවත දමන්නට සිදුව ඇත.