යාපනයේ සිට මන්නාරම දක්වාත්, මන්නාරම සිට කුරුණෑගල හරහා කොළඹ දක්වා සහ මන්නාරම සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වාත් දිවෙන මංතීරු හතරක ප්‍රධාන මාර්ග පද්ධතියක් ඉදිකිරීමට
සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ පැවති සාකච්ඡා වලින් අනතුරුව දන්වා ඇත.

ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී ඉන්දියාවේ මාර්ග ප්‍රවාහන, අධිවේගී මාර්ග සහ නාවික අමාත්‍ය නිතින් ගද්කාරි මහතා සමග සාකච්ඡාෙවකින් අනතුරුව ඔහු පැවසූයේ එවැනි මාර්ග පද්ධතියක්

ඔස්සේ උතුරු නැගෙනහිර සංවර්ධනයට හා සම්බන්ධතාවයනට අති මහත් රුකුලක්ද ලැබෙන බවය.


ඉතා ඉහළ තාක්‍ෂණයකින් යුතුව දීර්ඝ මාර්ග පද්ධති ශක්තිමත්ව හා කල්පවතින අයුරින් ඉදිකිරීමේ තාක්‍ෂණය තමන් සතු බව පෙන්වා දුන් ගද්කාරී මහතා සිමෙන්ති සහ කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදි කෙරෙන මාර්ග වසර 50 ක් පුරා කිසිදු නඩත්තුවකින් තොරව භාවිත කළ හැකි බව ද  කියා ඇති අතර ශ්‍රී ලංකාවේ එවැනි මාර්ග පද්ධති ඉදිකිරීම සම්බන්ධව ඉන්දියාවට සහය ලබා දිය හැකි බව වසා ඇත.
ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන කළ මාර්ග ඉදිකිරීමේ ඉන්දීය තාක්‍ෂණය මිළ අධික නොවන බව ඔහුගේ අදහසයි.
යාපනයේ සිට මන්නාරම දක්වාත්, මන්නාරම සිට කුරුණෑගල හරහා කොළඹ දක්වා සහ මන්නාරම සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වාත් දිවෙන මංතීරු හතරක ප්‍රධාන මාර්ග මේ අනුව තනනු ඇත.