මිසිස් ඒෂියා නොබෙල් වෙන්න මැලේසියා ගිය පියුමි 
අන්තිමයා වීම ගැන සතුටුයිලූ

සමාජ ජාල චරිතයක් බවට පත්ව තිබෙන නිරූපිකා පියුමි හංසමාලී පසුගියදා ලංකාවේ පැවති විවාහක රූ රැජිණ තරගයේ ජයග‍්‍රහණයක් නොලද නිසා ප‍්‍රසිද්ධියේ වේදිකාවෙන් බැසගොස් කථාබහට ලක්වුණා.

ඉන් පසුව ඉතා ඉක්මණින් ඇය මැලේසියාවේ පැවති මිස් ඇන්ඩ් මිසිස් ඒෂියා නෝබල් ක්වින් නමැති තරගයකට අයදුම් කර ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවාය.


පසුගිය 21 වනදා ක්වාලාලාම්පූර් නගරයේදී පැවති එහි අවසන් තරගයට විවාහක හා අවිවාහක අංශ 2 ටම ඉදිරිපත්ව ඇත්තේ තරග කාරියන් 19 දෙනෙකු පමණි.
අවිවාහක අංශයේ තරගාකාරියන් 11 දෙනෙකු හා විවාහක අංශයේ තරගකාරියන් 8 දෙනෙකු සිටි අතර
මිස් හා මිසිස් ලෙස කිරුළු ලබාදෙන ලද්දේ මේ අය සියල්ල එකට සිටුවමිනි.
විවාහක අංශයට එක්වූ 8 දෙනාගෙන් 4 දෙනෙකුම මැලේසියාවේ අය වූ අතර ඉතිරි අය ජපානය,මොන්ගෝලියාව,පිලිපීනය හා ශ්‍රී ලංකාවේ පියුමි විය.
 මෙහිදී විවාහක 8 දෙනා අතුරින් පියුමි හංසමාලිට හිමව ඇත්තේ 8 වන අන්තිම තැනයි.

ඇය මෙවර එම විනිශ්චය ගැන සෑහීමකට පත්ව තිබෙන අතර ඒ ගැන දන්වා ෆේස් බුක් පණිවිඩයක්ද නිකුත් කර ඇත.