ලෝක ළමා දින සැමරුම 2016
අද විශේෂ ඉසව් සහ දීමනා


ඔක්තෝබර් 01 අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිති කරගෙන විශේෂ දීමනා රැසක් රටපුරා විවිධ ස්ථානවල ක‍්‍රියාත්මකය.
දෙහිවල සත්වෝද්‍යානයේ අලි ප‍්‍රසංගය හා පින්නවල අලි අනාථාගාරයේ අලි නැරඹීම කුඩා දරුවන්ට නොමිලයේ ලබාදී ඇත.
එමෙන්ම අද දිනයේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ, ආර්කේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් කලාපයේ ළමා දින සැමරුම් අවස්ථා දවස පුරා සංවිධානය කර ඇත.
මේ අතර පවුලේ සැමට සහභාගී විය හැකි වීදි ආහාර රස විඳීමේ,
චිත‍්‍ර නිර්මාණ නැරඹීමේ අවස්ථාවක්
‘ඊට් ස්ටී‍්‍රට් සීඑම්බී’ නමින් කොළඹ කලා භවන අසළ වීදියේ රාත‍්‍රී 10 වනතුරු පැවැත්වේ.
මේ අතර අද කේ.එෆ්.සී අවන්හලකින් ළමා ආහාර වේලක් ගත්විට ටෝයි එකක් හා අයිස් ක‍්‍රීම් කෝන් එකක් නොමිලේ ලැබේ.
අද උදෑසන සිට සවස දක්වා වැල්ලවත්ත සෙවන් ස්ටෝරීස් ගොඩනැගිල්ලේ ළමා විලාසිතා දැක්ම,නිර්මාණාත්මක ක‍්‍රියාකාරකම්,


නර්තන වේදිකා,ගේම්ස් හා ලෙගෝ ක‍්‍රියාකාරකම් පැවැත්වෙන අතර එහි සාප්පුවල සියලූම ළමා ඇඳුම් සියයට 25 කින් අඩුවට අලෙවි කෙරේ.

අද කොළඹ ආර්.ඒ. ද මැල් මාවතේ ‘ද මෑන් හැටන් ෆිෂ් මාකට්’ වැඩිහිටි අයෙකු ආහාර ගත් විට සියලූම කුඩා දරුවන්ගේ ආහාර වේල නොමිලේ ලබාදෙයි.
ලිබර්ටි ප්ලාසා බත්තරමුල්ල කුරුණෑගල ජා ඇල පිහිටි ටෝයි ලයබ‍්‍රරි මගින් ළමුන්ට සෙල්ලම් බඩු ගැනීමේදී අද සියයට 30 ක විශේෂ වට්ටම් ලබාදේ. එසේම බම්බලපිටියේ කිඞ්ල්ස් ඇන්ඞ් ටොයිස් ඉන්ටර්නැෂනල් ඉහළ වටිනාකමින් යුත් ’ෆිෂර් ප‍්‍රයිස්’ නිමැවුම් අද දින සියයට 25 කින් අඩු කර ලබාදේ.

එසේම ඇඳුම් ඇඳුම් ආයතනයේ සියලූම ළමා ඇඳුම් වලට අද දිනයේ සියයට 10 ක වට්ටමක් ලැබේ.
නොමිලයේ විවිධ වර්ණවලින් දරුවන්ගේ මුහුණු පාටකර දෙන ඉසව්වක් අද දවස පුරා සියලූම ග්ලිට්ස් නිමි ඇඳුම් හල්වලදී සිදු කෙරේ.
අද රාත‍්‍රී 7ට නාරාහේන්පිට චිත‍්‍රා ලේන්හි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සුරකුම් මධ්‍යස්ථානය එම දරුවන් සමග පවත්වන ප‍්‍රසංගයක් ලැනරෝල් සහෝදරයින්,සමිතා මුදුන්කොටුව,ඔටාරා ගුණවර්ධන ආදීන්ගේ සහභාගීත්වයෙන් බිෂොප් විද්‍යාලයේදී පැවැත්වේ.

ලෝක ළමා දින නිල සැමරුම් උත්සවය අද කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේදී පවත්වන්නට නියමිතය.
අද දින ළමුන් වෙනුවෙන් රූපවාහිනී නාලිකා රැසකම විවිධ ළමා වැඩසටහන්ද ඉදිරිපත් කර තිබේ.