කෝප් කමිටුව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළව ඇතිවූ මතභේදයන්ගෙන් පසුව වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.

එක් වාර්තාවක් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු

මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්තිගේ නිර්දේශ සහිතව විපක්ෂයේ සාමාජික මන්ත්‍රිවරුන් තිදෙනකු ඉදිරිපත් කළ නිර්දේශද ඇසුරෙන් සකස් කරනු ඇති අතර අනෙක් වාර්තාව කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ඔවුන්ගේ මතය සහිතව ඉදිරිපත් කරනු ලබන්නකි.
සභාපතිවරයා ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි ඇමුණුමක් වශයෙන් දෙවැන්න දක්වා ඇත.
ඉකුත් බ්‍රහස්පතින්දා (20දා) කමිටුව රැස්වූ අවස්ථාවේ සාමාජික මන්ත්‍රිවරුන් අතර උණුසුම් වචන හුවමාරු වී තීරණය පසුදින (21දා) රැස්වීමට කල් තැබූ පසුව මෙම වාර්තා 2 ඉදිරිපත් වන්නට තීරණය විය.