සැමියා විදෙස්ගතවූ පසුව දරුවන් සමග කථාකාරීමට අවශ්‍යවී ඔහු බිරියට එවා තිබූ ස්මාර්ට් ජංගම දුරකථනය ඔහු සමග සන්නිවේදනයට එහා ගිය කටයුතුවලට යොදාගත් බිරියක නිරුවත් ඡායාරූපවලට පෙනී සිට ඇතිකරගත් අලකලංචියක් ගිරිඋල්ල පොලිසිය මගින් විසදා තිබේ.

මෙම සිද්ධියට මුහුණපෑ සැමියා විදේශයේ සිටියදී  පිටස්තරයකු ඔහුගේ බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සිය දුරකතනයට එවූ නිසා ඔහු විදෙස් සේවය නිමවා නැවත නිවෙසට පැමිණ ඇත්තේ සිද්ධිය විමසන්නටය.
මේ ගැන ඇතිවූ කතාබහේදී සැමියා බිරියට පහර දීම නිසා ඔවුන් ආරවුල විසදන්නට පොලිසි ගොස් තිබේ.
මෙහිදී 


කළ ප්‍රශ්න කිරීම් අනුව 36 හැවිරිදි සැමියාගේ පිළිතුර වී ඇත්තේ තමන් දුක් මහන්සියෙන් විදෙස් ගතව සිය පවුල් ඒකකය ගොඩගැනීමට වෙර දරමින් සිටියදී දරුවන්ගේ මුහුණ බලා කතා බස් කිරීමට නවීන තාක්ෂණයෙන් යුතු දුරකතනයක් 34 හැවිරිදි බිරියට දුන් බවත්, කල්යත්ම බිරිය නිතර කතා කිරීම අඩු කළ බවත්
ඒ අතරවාරයේ තමන් නොහඳුනනා ද්‍රවිඩ තරුණයකු තමන්ට කතාකොට බිරියට වෙනදා මෙන් කතා නොකිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටි බවත් නොබෝ දිනකින් තම බිරියගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් එකී තරුණයා තමන්ගේ දුරකතනයට එවූ බවත්ය. තවද එම තත්ත්වය යටතේ තම දරුවන් බිරිය සමඟ තනිකොට යෑම පවා අවදානම් තත්ත්වයක් නිසා නැවැත විදෙස් ගත නොවීමටද තීරණය කළ බැව් හැඬූ කඳුළින් පවසා ඇත.

පසුව බිරියගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සිද්ධිය තමන්ගේ නොදැනුවත් භාවය නිසා සිදුවූවක් බවත් කිසිදිනෙක එම තරුණයා දැක නැති බවත් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට වූ පොරොන්දුව මත තමන් විසින් නිරුවත් සෙල්ෆි ඡායාරූප යැවූ බවත් පවසා ඇත.
කෙසේ වෙතත් බිරිය නිවැරැදි කර දෙන්නේ නම් තමන් එම වරදට සමාව දී නැවැත දරුවන් වෙනුවෙන් සමඟිව කටයුතු කිරීමට සැමියා එකඟ වූ බැවින් බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සහිත මෙමරි පත පොලිස් භාරයට ගෙන  බිරිය විසින් සැමියාට වැඳ සමාව ගත් පසු බිඳුණු පවුල එක්කොට පිටත් කර හැරිණි.

ගිරිඋල්ල -ඔවින් කෞශල්‍ය