පසුගියදා දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ 'එළුග තමිල්' විරෝධතාවයට
රාජ්‍ය දේපල යොදාගෙන ඇති බවත් ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට දෙමළ බෙදුම්වාදී උද්ඝෝෂණයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වා ඇති බවත් කියන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල

මෙරට තුළ ජාතිවාදය අවුස්සන බවට පෙනී යන නිසා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගතයුතු යැයි දන්වා සිටී.
අද (26) පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා එසේ කියාසිටියේ ය.