ඊයේ සිරිකොතදී පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විශේෂ හෙළිදරව්වක් කරමින් දන්වා සිටියේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය
සිද්ධවන්නට පෙර සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී කා බී ඔවුන් අතර සුහද කතාබහක්ද සිදුව ඇති බවයි.

ලසන්ත ඝාතනය වීමට පෙර ඔහුගේ පෞද්ගලික දුරකථනයෙන් හිටපු ජනපතිට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවද පැවසූ ඔහු මෙම ඝාතනයට තමන්ගේ සම්බන්ධයක් නැතැයි හිටපු ජනපති දැන් කියන බවද කියා සිටියේය.
තම සංවිධානයේ සිටින මරාගෙන මැරීමට යන සාමාජිකයෙකුට එල්.ටී.ටී.ඊ නායකයා හොඳට කෑම බීම ලබාදී ඔහුගේ ආසාව ඉටුකළේ යම්සේද හිටපු නායකයාද කටයුතු කළේ ඒ පරිද්දෙන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.