ගල් පහරක් වැදී තම මෝටර් රථයේ වීදුරුව බිඳීම නිසා සිදුවූ අලාභය පළමුවැනි වසරේ සිසුවකුගෙන් ලබා
දෙන ලෙස ඉල්ලා විදුහල්පතිවරයකු ‍පොලිසියට කළ පැමිණිල්ලක් විභාග කරන බව මීරිගම ‍පොලිසිය කියයි.





පළමු වසරේ සිසුන් හය හත් දෙනකු සෙල්ලම් කරමින් සිටියදී ඒ අසල තිබූ ගසක ගෙඩි කඩන්නට ලී කැබලිවලින්
හා ගල්වලින් ගසා ඇති බවත් මෝටර් රථය ගරාජයක් නොවන තැනක අනාරක්ෂිතව නවතා තිබියදී මෙසේ
වීදුරුවට පහරක් වැදෙන්නට ඇතැයි ‍පොලිස් පරීක්ෂණයේදී හෙළි වී ඇත.

කීප දෙනකු ගසට ගල් ගැසූ බවත් මෝටර් රථයේ වීදුරුව බිඳුණේ කාගේ පහරකින්ද යන්න නොදන්නා බව
විදුහල්පතිවරයාගේ පැමිණිල්‍ලේ සඳහන් සිසුවා ‍පොලිසියට පවසා ඇත. ‍පොලිසියට මේ ගැන ගත හැකි
පියවරක් නැති බව අදාළ විදුහල්පතිවරයාට උපදෙස් දී ඇත.

මීරිගම ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග මහතාගේ මෙහෙයවීමෙන්

පරීක්ෂණ පැවැත්විණි.