සමාජ මාධ්‍යයට ගිය වීඩියෝවෙන් පසු
දැරියකට පහරදුන් කුඩම්මා අත්අඩංගුවට

යාපනය කෝපායි නීර්වේලි ප්‍රදේශයේ කාන්තාවකගේ පහර කෑමට ලක්වූ දැරියක පිලිබද වීඩියෝවක් සහිත පුවතක් සමාජ මාධ්‍ය වෙත යොමු කර පැය කිහිපයක් ඇතුළත ප්‍රදේශයේ පොලිස් ස්ථානය මගින් එම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා.
මෙහිදී පහරකෑමට ලක්වන්නේ
6 හැවිරිදි දැරියකි. ඇයගේ කුඩම්මා ඇයට නිරන්තරයෙන් හිරිහැර කරන බව වාර්තා වනවා. මෙම අඩන්තේට්ටම්  නරඹා ඉවසා සිටින්නට බැරි තැන ඇය අමානුෂිකව පහරදෙන අයුරු අසල් වැසියෙකු විසින් වීඩියෝ කර තිබුණි.


පසුව ඔහු ඒ වීඩියෝව ෆේස්බුක් වෙත එක්කරනු ලැබීමෙන් පසු කාන්තාව සහ දැරියගේ පියා අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය වාර්තා කර තිබේ.
දැරියගේ මව මිය පසුව මෙම කුඩම්මාව ඇයගේ පියා කරකාර බැදගෙන තිබෙන නමුත් කුඩම්මාට මේ දැරිය පේන්නට බැරි බව පැවසේ. මෙම අවස්ථාවේ කාන්තාව දැරියට පහර දෙන්නේ දිය නෑමට අකමැත්ත පළ කළ නිසා බව පොලිසියට ඇය කියා ඇත.
ළමා හිංසනය වෙනුවෙන් ඇයව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.වැඩිදුර පරීක්ෂණ සිදුවේ.