පසුගියදා බීමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ මහින්දානන්ද අලුත්ගමගේ පුත් කණිෂ්ක අලුත්ගමගේ නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනි.
මේ වනවිට වාර්තාවන්නේ ඔහු එදින රාත්‍රී සහභාගී ව ඇත්තේ දයා ගමගේ අමාත්‍යවරයාගේ සාදයකට බවයි. එයට 
සහභාගිවී පැමිණෙමින් සිටියදී ඔහු බීමත්ව වාහනය ඒ අතට මේ අතට හරවමින් අපරීක්ෂාකාරී ලෙස ධාවනය කර තිබේ.

පොලිස් අත්අඩංගුවට පත් ඔහු පසුව පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ ද දයා ගමගේ අමාත්‍යවරයාට සම්බන්ධ අයෙකු පැමිණීමෙන් අනතුරුවයි.
මේ වනවිට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා රක්ෂිත බන්ධනාගාරයේ සිටී.
මීටි ටික දිනකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලද බීමතින් රිය පදවා අනතුරක් සිදු කරගත් අතර ඔහු එදා බොන්නට ගොස් තිබුනේ කොල්ලු පිටියේ රාත්‍රී සමාජ ශාලාවකටයි.