පාටි වලදි කවුරුත් බොනවනේ
පුතාගෙ වරදක් නෑ

- කෙහෙළිය පියාගෙන් ප්‍රකාශයක්

ඊයේ උදෑසන බීමත්ව රිය පැදවීම නිසා කොළඹදී අත්අඩංගුවට පත්වූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ පියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්‌වැල්ල තම පුත්‍රයාගේ සිද්ධිය ගැන
අදහස් දක්වමින් පවසා ඇත්තේ එහි වරදක් නොදකින බවයි.
කොළඹ කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය ඉදිරිපිටදී සිය පුත් රමිත් රඹුක්‌වැල්ල පැදවූ මෝටර් රථය අනතුරට ලක්‌වීම කාටවත් හානියක් නොවූ දෙයක්වූ බැවින්ද කවුරුත් පාටිවලදී බොන බැවින්ද තමා එතරම් ගණන් ගන්නේ නැති බව ඔහු කියා ඇත.
කෙහෙළිය රඹුක්‌වැල්ල ඒ ගැන පුවත්පතකට අදහස් දක්වමින් මෙසේ කියා ඇත.



‘ඔය අනතුරෙන් කාටවත් තුවාලයක්‌ වුණේ නැහැ. කාටවත් ලොකු පාඩුවක්‌ වුණේ නැහැ. ඔය තාප්පයට එච්චර ලොකු හානියක්‌ වුණේ නැහැ. පාඩුව සිදුවුණේ අපිටයි. අනික පාටියකට ගියොත් බීලත් එනවා. නොබීත් එනවා. මට නම් ඔය අනතුර එච්චර ලොකු එකක්‌ කියලා කියන්න බැහැ.‘

මින් ඉහත රමිත් රඹුක්වැල්ල ඉහළ අහසේදී බීමත්ව මගීන්ටද හිරිහැර වනසේ හැසිරී ගුවන් යානයක දොර අරින්නට හැදූ අවස්ථාවේදීත් කෙහෙළිය පියා මාධ්‍ය ඉදිරියේ සිනාසෙමින් කියා සිටියේ වැසිකිලි දොර මාරුවීම බොහෝ අයට සිදුවන අතපසුවීමක් බවයි.

තොරතුරු - නෝමන් පලිහවඩන (දිවයින)