දුමින්දට පක්ෂව තීන්දුව දුන් විනිසුරුගේ
ෆෝන් එක ටැප් කරලා -නීතීඥ වර්ණකුලසූරිය

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව දුමින්ද සිල්වාට වාසි සහගත ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එකී ත්‍රිපුද්ගල නඩුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන්
ගුණරත්න මහතා රාජකාරි කරන


කොළඹ වානිජ මහාධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයාගේ හා විනිසුරු නිල මැදිරියේ සවිකර ඇති ස්‌ථාවර දුරකථන මෙන්ම විනිසුරුවරයාගේ පෞද්ගලික දුරකථනවලට ද උපකරණ සවිකර ඒවාට රහසේ සවන්දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි  නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය චෝදනා කරයි.
එකී නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.