ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට
ඉඩ හැරීම මගින් 

රජයට රුපියල් බිලියන 11.4කපාඩුවක් සිදු කළැයි  අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවට අද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , නිශ්ශංක සේනාධිපති ඇතුළු හත් දෙනා පෙනී සිටි අතර එක් අයකුට රුපියල්  ලක්ෂ දෙකක බැගින්  මුදල්  ඇපයක් ද  රුපියල් මිලියන 10 බැගින්  ශරිර ඇප දෙකක් මත නිදහස ලබා තිබේ. ඔවුන්ට විදෙස් ගමන් තහනම් කර ඇත.
කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) මෙම නියෝග කළේය.