ගලේවලදී  සිදුවූ
වෑන්- බස් අනතුරින් 4  මරුට - 7ක් රෝහලේ

අද (02) අලූයම් කාලයේ කුරුණෑගල - දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල, තොළඹගොල්ල ප‍්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් නිසා පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලැබුවා.
අනතුරින් මියගිය අය අතර වෑන් රථයේ රියදුරු සහ
කුඩා දරුවෙකු ද සිටින බව වාර්තා වුණා. එම දරුවා වයස අවුරුදු 4 ක පිරිමි දරුවෙකු


වන අතර මියගිය අය එකම පවුලේ බව කියැවුණා.
කැකිරාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ හලාවත සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්  මාර්ගයේ මැද  එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවේ.
මේ වනවිට තුවාල ලැබූවන් දඹුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. බස් රථය පැදවූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.












Pix Courtesy By -Lankadeepa.lk