පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ රථගාලේ වාහන නතර කිරීමේදී එක්
වෛද්‍යවරයකුගේ මෝටර් රථය මගින් අනෙක් වෛද්‍යවරයාගේ මෝටර් රථය අවහිර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්

ළමා රෝහලේ අධ්‍යක්ෂක හා එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසු දෙදෙනාම පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත. මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍යය අධ්‍යක්ෂවරයකු අද එහි පැමිණි බවද කියති.