ප්‍රකට ගායන ශිල්පී චාමර රණවකගේ වැලිපැන්න හොරවල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට ඇතුළු වු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ පහකට අධික දේපළ සොරාගෙන ගොස් ඇතැයි
වැලිපැන්න පොලීසිය වෙත  පැමිණිලි කර තිබේ. රන් අභරණ, රුපියල් පහළොස් දහසක් වටිනා සපත්තු යුගළක් හා ජංගම දුරකථනයක් සොරාගෙන ගොස් ඇතැයි ඔහු දන්වා ඇත.
පසුගිය 22 වැනි දින රාත්‍රියේ ගායන ශිල්පියා ඇතුව පවුලේ අය නින්දට ගොස් පසුදින අලුයම අවදිවී පරීක්ෂාකිරීමේදී නිවසේ ඉදිරිපස ජනේලයක් විවෘත කර තිබීම පිළිබඳ විමසිලිමත්වීමේදී නිවසේ සාලයට ආසන්නව තිබූ කබඩයක් විවෘත කර තිබෙනු දැක ඇත. එහිදී  ඒ ආසන්නයේ බෑගයක දමා තිබූ රෙදිපිළි නිවස ඉදිරිපස බිම දමා ඇති බවටට නිවැසියන් දැක ඇතැයි පොලීසිය පවසයි.