පසුගියදා සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වූ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පාසලට එන මව්වරුන්
සාරිය හා අත්වැසෙන කකුල් වැසෙන ඇදුම් ඇදීම ගැන පෝස්ටරය ගැන අධ්‍යාපන අමාත්‍ය තුමාගේ අවධානය යොමුව තිබේ.


කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවල බොහෝ කාන්තාවන් රැකියාවල නිරත වන අතරතුර පාසල් වලට එන බැවින් එසේ එද්දී රැකියා ස්ථාන වලට අනන්‍ය වූ ඇඳුම් අදින්නට සිදුවන බව ඔහු පෙන්වාදෙයි.
මේ නිසා සාරිය පමණක් හෝ සියල්ල වැසෙන ඇදුම් පමණක් නීති තිබීම ප්‍රායෝගික නොවන බව ඇමතිවරයාගේ මතයයි.

මවක් පාසලට පැමිණීමේදී විධිමත් ඇඳුමකින් සැරසී පැමිණීම අවශ්‍ය වුවත් ඒ ගැන පාසල් වලට තීරණය කළ නොහැකි බව අමාත්‍යවරයා දන්වා සිටී.

පාසල් තුළට සිසුන්ගේ මව්වරුන් පැමිණීමේදී සාරි ඇඳීම අනිවාර්ය කරමින් ඇතැම් පාසල් විදුහල්පතිවරුන් නීති දක්වයි නම් ඒවා ඉවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටින අතර විදුහල්පතිවරුන් සහ අනෙකුත් බලධාරීන් දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන්නට මේ වනවිටත්  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇති බව ඔහු පවසයි.