විජය නන්දසිරි සමුගනී

ප‍්‍රවීණ වේදිකා හා සිනමා නළු විජය නන්දසිරි මහතා අද දහවල් කළුබෝවිල රෝහලේදී අභාවප‍්‍රාප්ත වුණා.
මියයන විට 72 හැවිරිදි වියේ පසුවූ ඔහු පසුගිය දිනවල පවා වේදිකා හා ටෙලි නාට්‍ය වලට
සහභාගී වෙමින් සිටියේය.

ප‍්‍රකට ටෙලි නිළි දේවිකා මිහිරානිගේ දයාබර සැමියා වූ විජය නන්දසිරි දරුවන් දෙදෙනෙකුගේ පියකුව  සිටි අතර ඔහු පදිංචිව සිටියේ ගල්කිස්ස කලා පුරයේය.
1966 සිය රංගන දිවිය වේදිකාවෙන් ඇරඹූ ඔහු වේදිකාවේ ප‍්‍රවීණයන්වූ දයානන්ද ගුණවර්ධනගේ හා එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය වල රඟපා තිබේ. ඔහු මනමේ නාට්‍යයේ මනමේ කුමරු ලෙසද එක්වූ අයෙකි.
පසු කලෙක සිනමා හා ටෙලි නාට්‍ය නිසා ඔහු බෙහෙවින් ප‍්‍රකට වූයේ හාස්‍යොත්පාදක රංගන ශිල්පියෙකු ලෙසයි. නෝනාවරුනි මහත්වරුනි, එතුමා, යස් බොස් ආදී රූපවාහිනී නාට්‍ය නිසා ඔහු වඩාත් ජනපි‍්‍රය විය.
ප්‍රවීණ නළු විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.