කර්නල් ජනෙල් කවුළුවෙන් 
බිරියගේ කුසට වෙඩි තියලා

මාලබේ, පිට්ටුගල, ඉසුරුපුර ප‍්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත් වුණු යුධ හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බව අතුරුගිරිය පොලීසිය පවසයි.
පෙරේදා රාතී‍්‍ර 10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව
තලංගම රෝහලටත් එතැනින් කොළඹ ජාතික රෝහලටත් මාරු කර යවා තිබෙයි.
වෙඩි පහර දෙකක් ඇයගේ කුස ප‍්‍රදේශයට සහ එක් අතකට වැදී ඇත.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ 43 හැවිරිදි තිදරු මවකට වන අතර ඇය සිය සැමියාගෙන් දික්කසාද වීම සඳහා නඩුවක් පවරා ඇති අතර එය ලබන මාසයේ මුල් සතියේ විභාග වීමට නියමිතව තිබුණි. මෙය පවුල් ආරවුලක් මත සිදුව ඇති බවට සැක කරන අතර මවට වෙඩි තබන ලද පුද්ගලයා පියාගේ හැඩහුරුකම්වලට සමාන බවටද දරුවන් දන්වා ඇත.
අදාළ කාන්තාව නිදන කාමරය තුළ සිටියදී ජනෙල් කවුළුවක් තුළින් වෙඩි තැබීම සිදු කර ඇති බවද වාර්තාවෙයි.
මෙම කාන්තාව කොළඹ නෙළුම් පොකුණේ රාජකාරි කරන්නියක බවද වාර්තාවෙයි.