ඔස්ටෙ‍්‍රලියානු වෙබ් අඩවියක
පළවු ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන්
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊයේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත. සිඞ්නි මෝනින් හෙරල්ඞ් වෙබ් අඩවියේ දක්වා ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ඔස්ටෙ‍්‍රලියානු සමාගමකින් අල්ලස් මුදලක් ලබාගත් බවකි.

තම දේශපාලන ජීවිතයේදී කිසි දිනෙක දූෂණ අක‍්‍රමිකතාවක් සඳහා මැදිහත් වීමක්, අනුබල දීමක් හෝ සම්බන්ධවීමක් සිදු වී හෝ සිදු කර නැතැයිද අවධාරණය කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව දන්වා ඇත.