දුම්රියේ නිදන මැදිරියට බලෙන් රිංගා
අනග රැඟුම් පෑ
නෙදර්ලන්ත යුවළ අත්අඩංගුවට



මඩකළපුව - කොටුව රාත‍්‍රි තැපැල් දුම්රියේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් නෙදර්ලන්ත ජාතක යුවළක් පසුගියදා අත්අඩංගුවට පත්ව ඇත.
වැලිකන්ද දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති මේ යුවළ එහි දෙවැනි පන්තිය සඳහා ප‍්‍රවේශපත් මිලදී ගෙන තිබී ඇති අතර ඒ අනුව යාමට අවසරය නැති දුම්රියේ නිදන මැදිරිය වෙත ගොස් එහි සයනයක් මත
අශෝභන ලෙස අඹුසැමියන් ලෙස හැසිරෙන්නට පටන්ගෙන තිබේ.
එම අවස්ථාවේ රාජකාරියේ නිරත ආරක්ෂකයින්ට කළුවර කලාපයේ ඇසෙන අමුතු ශබ්ද ගැන අවධානය යොමුව තිබෙන අතර ඔවුන් ගොස් පරීක්ෂා කිරීමේදී එම යුවළ ආරක්ෂකයින්ට බැණවැදී ඇත්තේ
තමන්ගේ නිදහසට බාධා නොකරන ලෙස ඉල්ලමිනි.
එම අවස්ථාවේ දුම්රිය ටිකට්පත් පරීක්ෂා කිරීමේදී අදාළ යුවළ නිදන මැදිරියේ ගමන් කිරීමට පවා අවසර නැති අය බව ආරක්ෂකයින් හඳුනාගෙන ඇත. ඒ අනුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ හැසිරීම සම්බන්ධව අවවාද කොට ඇති අතර දෙවැනි මැදිරියේ ප‍්‍රවේශපත් රැගෙන නිදන මැදිරියේ යා නොහැකි බවද දන්වා ඇත.
කෙසේ වෙතත් මොවුන්ට අවවාද කළත් අශෝභන ක‍්‍රියාව නවතන්නට ඔවුන් අකමැතිවී ඇති අතර ආරක්ෂකයින් යාමට සැරසෙද්දී නැවත පැත්තකට වී එම ක‍්‍රියාවන් නැවත අරඹා ඇත.මේ විදේශ යුවළගේ හැසිරීම සම්බන්ධයෙන් මගීන්ගේද දැඩි විරෝධය එල්ලවූ අතර කොටුව දුම්රිය පොළ වෙත පැමිණි පසු දුම්රිය ආරක්ෂකයන් ඔවුන් පොලිසිය වෙත භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවේ.