”මාමා සහ බෑනා’ ප‍්‍රශ්නයක් සභාවට නැතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (24)
පාර්ලිමේන්තුවේදී පවසා ඇත.ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන්
ප‍්‍රශ්නයක් විමසූ අවස්ථාවේ එම ප‍්‍රශ්නය සභාව තුළ යොමු කිරීම
අනවශ්‍යයැයි කථානායකවරයා පැවසීම නිසා මෙම කතාව ඇතිව තිබේ.

කැස්බෑව ප‍්‍රදේශයේ ඉඩමක් කැබලි කර විකිණීම පිළිබඳව හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්නයක් යොමු කර ඊට නවීන් දිසානායක ඇමැතිවරයා පිළිතුරු දී අවසානයේ අතුරු ප‍්‍රශ්නයක් ලෙස හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා
තවත් ප‍්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේ එයට පිළිතුරු දෙන්නට ඇමතිවරයා අකමැතිවූ අවස්ථාවේ
”ඔය ප‍්‍රශ්නය මෙතැනට අදාළ නෑනේ. එතුමා කැමැති නම් උත්තරයක් දෙයි” කථානායකවරයා කියූ අතර ”බෑනා නිසා බේරුවා නේද?” යනුවෙන් ජවිපෙ මන්ත‍්‍රීවරු කියා ඇත.
”නෑ නෑ මාමා, බෑනා ප‍්‍රශ්නයක් සභාවට නෑ” කථානායකවරයා පිළිතුරු සපයා ඇත.