උද්ඝෝෂණයකට එක්වීම සම්බන්ධ ඇතිවූ අකමැත්තකත් මුල් කරගෙනඊයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ පළමු වසරෙහි සිසුන් පිරිසක් සහ දෙවන වසරේ සිසුන් පිරිසක් අතර මෙම ආරවුල ඇති වී
සිසුන් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
අදාළ සිසුන් තුවාල ලැබීමට හේතුව විමසීමේදී දේශපාලන ප්‍රශ්නයක් යයි රෝහල් බලධාරීන් වෙත ඔවුන් දන්වා ඇත.