කොළඹ වරායේ ඊයේ ඇතිවූ ගින්න වැඩබිමක තිබූ රබර් බට තොගයක ගින්න ඇති වී පසුව ඒ ආසන්න ටයර් වලට ගිනි ඇවිළී පැතිර ගිය එකක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම වැඩබිම වරායේ සංවර්ධන කටයුත්තක් සිදුකරන පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යන බව වාර්තා වෙයි.

 මෙම ගින්න ඇති වී තිබුණේ ඊයේ පස්වරු 1.30 ට පමණය. මෙම රබර් නළ මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කිරීම සඳහා යොදාගත් ඒවා වූ අතර ඒවාට ගින්න ඇවිළුනේ ඇයිදැයි පැහැදිලි නැත.
ගින්න හේතුවෙන් කොළඹ වරායේ දේපොළවලට වූ හානියක් හෝ පුද්ගල හානියක් හෝ වාර්තා වූයේ නැත.