යෝෂිත රාජපක්ෂ ඇතුළු සී. එස්. එන්. රූපවාහිනී ආයතනයේ අධ්‍යක්ෂවරුන් හතරදෙනකුට එරෙහිව කඩුවෙල
අධිකරණය හමුවේ විභාගයට ගැනෙන
නඩුවට අදාළව නාරාහේන්පිට ගබඩාවක තිබී සොයාගන්නා ලද රූපවාහිනි කැමරා ඇතුළු උපකරණ අඩංගු  ඕබී ට‍්‍රක් රථයක් ජාතික රූපවාහිනි සංස්ථාව වෙත භාර දෙන ලෙසට කඩුවෙල මහෙස්ත‍්‍රාත් වරයා පසුගියදා නියෝග කර තිබුණ අතර ඒ අනුව එය ඊයේ භාර දෙන ලදි.
නාරාහේන්පිට ගබඩාව පරීක්ෂාවට ලක්කිරීමේදී  ඕබී ට‍්‍රක් රථයට අමතරව ලියාපදිංචි නොකළ එල්ප් 350 ලොරියක්, කන්ටේනර් පෙට්ටි දෙකක්, සුඛෝපභෝගී ජංගම වැසිකිළියක් ද පොලිසිය භාරයට ගන්නා ලදැයි වාර්තා කර ඇත.
ලක්ෂ 300 ක පමණ වටිනාකමින් යුතු මෙම  ඕබී ට‍්‍රක් රථය නිකරුනේ ගාල් කාර තිබුණ අතර පසුගිය රජය සමයේ රගර් තරග සජීවී විකාශයන් ගෙන ඒමට භාවිත කර ඇත.