මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ ඊයේ (30) පැවැති නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ උසාවි භූමියෙන් පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ හිටපු මන්ත‍්‍රීවරයා කියා සිටියේ

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම නව ලකුණකින් නව සන්ධානයකින් තරග කරන බවයි.
ශ‍්‍රීලනිප සංවත්සරයට සහභාගි වන්නේදැයි ඇසූවිට තමන් ඊට සහභාගී නොවන බවද ඔහු සඳහන් කළේය.