මෙවර රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 5000 දිවීමේ කාන්තා ඉසව්ව අතරතුර සිදුවූ අනපේක්ෂිත තත්වයක් ගැන දැන් ලෝකයම කතාබහ කරනවා. එය නම් තරගය අතර නවසීලන්ත ක‍්‍රීඩිකාවක මාංශ පේශි ප‍්‍රශ්නයක් නිසා ඇද වැටීමත් ඇය අසළින් ගිය ඇමරිකානු ක‍්‍රීඩිකාවක එම ඇදවැටීම නිසා පෙරළී යාමත්ය. මෙම
අවස්ථාවේ දෙදෙනාම බිම වැටුණ පසු තමන් ගැන හා තම වේලාව ගැන පමණක් කල්පණා නොකළ නවසීලන්ත ක‍්‍රීඩිකාව ඇද වැටුණ ක‍්‍රීඩිකාව ඔසවන්නට උදව් කළේ කාහටත් විමතිය ඇති කරමිනි. නමුත් ඇය දුර්වලව සිටි අතර පසුව නවසීලන්ත ක‍්‍රීඩිකාව තරගය නිම කළා. තරගයෙන් පසුව රෝද පුටුවක ආධාරයෙන් ඇමරිකානු ක‍්‍රීඩිකාව තරගය හමාර කළා.

තරගය හමාර කළ පසු ඇය රෝද පුටුවේ සිට නවසීලන්ත ක‍්‍රීඩිකාවට සුබ පැතුවා.
මේ දෙදෙනා පිටියේ දැක්වූ මනුස්සකම සියලූ දෙනා අගය කළ අතර මූලික වටයේ තරගයක්වූ මෙයින් පසු නවසීලන්ත ක්‍රීඩිකාවගේ වේලාව අඩු වුවත් ඊළග වටයට  යොමු කිරීම ගැන සංවිධායකයින් සලකා බලන බවද වාර්තා වුණා.
මෙම සිද්ධියට මුහුණ පෑවේ ඇමරිකානු ක‍්‍රීඩිකා ඇබී ඞී ඔගස්ටිනෝ හා නවසීලන්ත ක‍්‍රීඩිකා නිකී හැම්බ්ලින්ය.
සිද්ධියේ වීඩියෝව පහතින්ම ඇත.