ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු හා නළුවෙකු වන අකලංත ගනේගම පසුගියදා විවාහ වුණා. තරමක් වෙනස් මුහුණුවරක් ගත් එම විවාහයේ පූර්ව ඡායාරූප පෙළ සිදුකර තිබුනේ පිටකොටුවේදී. පසුව මංගල සාදය මීගමුවේ වෙරළ හෝටලයක සිදු කර තිබුණා.

අකලංක විවාහවූයේ සවිනි සමගයි.
ඔහු විවාහය ගැන මෙසේ කියා ඇත.
 ‘මීට අවුරුදු දෙකකට පෙර තමයි, මම විවාහ ගිවිස ගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා අනිවාර්යයෙන්ම 2016 අගෝස්තු මාසයේ විවාහ උත්සවය ගන්නවා කියලා.

රූපවාහිනි වැඩසටහන්වලදී පවා මම ඔය කතාව කිව්වා.
ඇය සචිනි .ඇය පදිංචිවෙලා ඉන්නේ ප‍්‍රංශයේ. ඉපදුණේ ප‍්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප‍්‍රංශය බලා පිටත්වෙනවා.
එයා විද්‍යාඥවරියක් වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

ඇයව මුලින්ම මම දුටුවේ ගාලූමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ. මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.පස්සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා. මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ. එක්වරම කැමතිවුනේ නෑ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප‍්‍රකාශ කළේ.
කැමැත්ත දෙන්න අවුරුදු එකහමාරක් විතර කාලයක් ගතවුණා. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

සචිනි පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්.
මං ජනප‍්‍රිය චරිතයක් කියල ඇය දැනසිටියේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ.අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක් විතරයි.

ඇය අධ්‍යාපන කටයුතු අවසන් කරලා ලංකාවට ආවට පස්සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප‍්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප‍්‍රිය චරිතයක් කියලා. එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා. ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්ක විවාහ වෙන්න පවා බයවුණා. මම ජනප‍්‍රිය චරිතයක් හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්.
සැප්තැම්බර් මාසයේ ප‍්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

ඉදිරියට හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා. ගොඩක් වෙලාවට චිත‍්‍රපට තමයි භාරගන්නේ. මම රටවල් දෙකක ප‍්‍රාන්තවලට ක‍්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක‍්‍රීඩාකරන්නත් එනවා.  මට රියලිටි වැඩසටහනකට ආරාධනාවකුත් ලැබුණා.
මට ඇය ගැන ලොකු වෙනසක් දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.’

තොරතුරු- යුගන්ති යශෝධරා (දිවයින)

Akalanka Ganegama's Wedding Day at Negombo

http://www.gallery.gossiplankanews.com/wedding/akalanka-ganegamas-wedding-day.html

Pix By -Suren Abeysundara, Groom's out fit- Imitiyaz ,Car & cake box -Younma Bandara ,Flowers - Petals (Hasantha) , Bride Dress - Kiran de Zoysa