අම්බලන්ගොඩ නගරයේ රාජ්‍ය බැංකුවකින් දහඅට ලක්ස අසූ දහසක් මුදල් නෝට්ටු ලබාගෙන පුද්ගලික බැංකුවක ඒ සියල්ල තැන්පත් කරන්නට යමින් සිටි කාන්තාවකට මහ දවල් ප‍්‍රසිද්ධ ස්ථානයකදී පිහිය පෙන්වා එම සියලූ මුදල් කොල්ල කෑමේ සිද්ධියක් වාර්තා වෙනවා.

අද දහවල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මේ ආකාරයට ඇය තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා මෙම කොල්ලය සිදුකර ඇති බව පොලිසිය වාර්තා කර ඇත.
ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇත.