පාද යාත‍්‍රාවේ දරුවෙකු දම්මා
‘ආප්පයා අපට එපා’
කියුවැයි මතභේදයක් (video)


කොළඹ ලිප්ටන් වටරවුමේදී  පෙරේදා නිමාවූ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවේදී කුඩා දරුවෙකු යොදවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වන ආකාරයට හැසිරවීම  සම්බන්ධයෙන් සොයා බලන ලෙස ළමා ආරක්ෂක අධිකාරියට ඊයේ සවස මහජන අයිතීන් සුරැකීමේ පදනම පැමිණිල්ලක් කර තිබේ.
දරුවන් භාවිත කරමින්
තවත් කෙනෙකුට අපහාස කිරීම බරපතළ ළමා අපයෝජනයක් බැවින් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසට මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
දරුවා අදාළ ප‍්‍රකාශ සිදුකරන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු

මෙන්ම දරුවාගේ දෙමාපියන්ද අසළ සිටී. දරුවා ඇතැම් වාක්‍ය කියවන්නේ පියාගේ උපදෙස් අනුවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසගෙන් මාධ්‍ය කළ විමසීමේදී ඔහු කියා සිටියේ ‘දරුවෙකුට තමන්ගේ හැඟීම් නිදහසේ පළ කිරීමට අයිතිය තිබිය යුතු බවකි. ආප්පයා යනු කවුදැයි තමන් නොදන්නා බවද විමල් කියා තිබේ.
මෙම දරුවා පාගමන අතරතුරදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ කරේ නැග රජතුමාට ජයවේවා යයි කියමින් ගමන් ගන්නා වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්ව ඇත.
පහත පළවන්නේ දරුවා ආප්පයා කියන ආකාරය සහ නාමල්ගේ කරේ නැග යන වීඩියෝවයි