ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සාදා  ඕසේට‍්‍රලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඞ් භාරයේ සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ
සිඞ්නි ජයසිංහ
යන දෙදෙනා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (1) නියෝග කළා.
ඔහු සිර අඩස්සියට පත් කළේ දේශපාලන පලිගැනීමකට යයි කියමින් ඒකාබද්ධ විපක්ෂය පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළදී හා පිටත විවිධ විශාල විරෝධතාවයන් පැන නැගී තිබිණි.
උදය ගම්මන්පිල රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත අද මුදා හරිනු ලැබූ අතර විදෙස් ගමන් තහනම් කරඇත.