2016 රියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙන් එම පන්දම මාර්ගය දිගේ රැගෙන යද්දී
උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.
සා ඕ පෝලෝ නුවර පසු කරමින් රථ පෙරහැරක් ඉදිරියෙන් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිව ගිය ක‍්‍රීඩිකාව අතින් එය උදුරා ගැනීමට තැත් කළේ මාර්ගය අසළ ඇය එනතුරු මග රැක සිටි කළු පැහැති ඇඳුම් ඇඳගත් පුද්ගලයෙකි.


ඇගේ ආරක්ෂාවට ඇය දෙපසින් දිව ගිය පොලිස් නිලධාරීන් මාර්ගයට කඩා වැදුණු පුද්ගලයා ඇය වෙත ලඟා වීමට පෙර නැවතූ අතර පසුව පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.
මෙම පුද්ගලයා කිසියම් මානසික රෝගයකින් පෙළෙන අයෙකු යයි පොලිසිය පවසා ඇත.
ඔලිම්පික් ගිනි සිළුව මේ ආකාරයට පැහැරගන්නට තැත්කිරීමේ සිද්ධි මින් ඉහතත් ලොව පුරා වාර්තාවී තිබේ.
සිද්ධියේ වීඩියෝව පහතින්