තෙවරප්පෙරුම මැරෙන්න හැදූ
පාසල් අහිමි දරුවන්ට ජනපති පාසලක් දීලා

පසුගියදා පාලිත තෙවරප්පෙරුම නි.ඇමතිවරයා දිවිනසාගන්නට උත්සාහ කළ ආන්දෝලනාත්මක ගැටලූවක් බවට පත්වූ පාසලක් අහිමිව සිටි මීගහතැන්න සිසු සිසුවියන්ගේ ගැටලූව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැදිහත්වී
විසඳා තිබේ.

එම දරුවන් නවදෙනා මතුගම ශාන්ත මේරි මහා විදුහලට ඇතුළු කිරීමට පියවරගෙන තිබෙන අතර ඒ අය කැටුව එම පාසලට ගොස්
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (20) පෙරවරුවේදී ඔවුන් ඇතුළු කිරීමට කටයුතු කළේය.
එම අවස්ථාවේ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ජීප් රථයක බොනට්ටුව මත නැගී පෙරහරේ මුලින්ම ගමන් කර ඇත්තේ සිය ආධාරකරුවන්ද සමගය.
පෙරහරේ ධාවනය වූ වාහනයක ‘බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැතිතුමාගේ ක‍්‍රියාදාමය හෙළා දකිමු’ යනුවෙන් බැනරයක්ද ප‍්‍රදර්ශනය කර තිබී ඇත.