15 හැවිරිදි දියණියගේ පෙම්වතා
නිවසේ කාමරේ ඇඳ යටින් මතුවේ


මව සහ බාල සොයුර සොයුරියන් නිවසේ සිටි අවස්ථාවක රහසේම පෙම්වතා නිවසට ගෙන්වාගෙන කාමරයේ සඟවාගෙන ඔහු සමග රාත‍්‍රිය ගත කරන්නට පුරුදුවූ දියණියක සම්බන්ධ පැමිණිල්ලක් පසුගියදා වීරකැටිය පොලිසියෙන් වාර්තා වුණා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
මේ කියන පෙම්වතියට වයස 15 කි. ඇගේ පෙම්වතාට වයස 20කි. වීරකැටිය ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතියට ඔහු මුණගැසී ඇත්තේ වළස්මුල්ල ප‍්‍රදේශයේ ටියුෂන් පන්තියකට යන
අතරවාරයේය. වලස්මුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පෙම්වතා දෙවැනිවර උසස්පෙළට පෙනී සිටීමට අපේක්ෂාවෙන් ටියුෂන් යන තරුණයෙකි.
ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ගොඩනැගී ඇත්තේ කලෙක පටන්ය.තමා දන්නා කියන පිරිමි යහළුවන් නිවසේ අයට හඳුන්වාදී ඔවුන් මිතුරන් ලෙස ආශ‍්‍රය කරන සමාජශීලී දැරියකවූ මෙම සිසුවිය මේ කියන පෙම්වතාද නිවසේ අයට මිතුරෙකු ලෙස හඳුන්වා දී තිබී ඇත. ඔහු අවස්ථා දෙක තුනකදීම ‘නෝට්ස් ඉල්ලන් යන්න ආවේ’ කියමින් ඇය මුණගැසෙන්නට විවේක දිනවල පැමිණ තිබෙන අතර ඔහු ගැන නිවැසියන්ට සැකයක් තිබී නැත.
මෙම නිවසේ පියා කාර්ය බහුල අයෙකු වූ අතර

නිතරම නිවසින් පිටත රාජකාරී වලට යන අයෙකි. මෙම දියණියට බාල අවුරුදු 7 සොයුරෙකුත් මාස 10 ක් වන බිළිඳු සොයුරියකත් සිටින අතර කුඩා දරුවන්ගේ වැඩ නිසා මව නිතරම කාර්ය බහුලව සිටී. මේ කියන වැඩිමහල් දියණිය ටියුෂන් යන බව කියමින් තමන්ට රිසිසේ පෙම්වතා සමග රෝන්දේ යන්නට පටන්ගෙන බොහෝ කල්ය.
ඔවුන් දෙදෙනා නිරන්තරයෙන්ම මුණගැසීමේ උවමනාව එන්න එන්නම වැඩිවූ කල පෙම්වතිය යෝජනා කර ඇත්තේ ‘ඇයි අපි පිටදි හමුවෙන්නෙ ඔයා අපේ කාමරෙට එන්න මං ගැන බලන්න මෙහේ කෙනෙක් නෑ‘ ලෙසිනි.
ඇගේ යෝජනාවට එකඟවී ටික දිනකින්ම රෑ ජාමයේ ජනේලයෙන් පැන කාමරයට රිංගීමේ කුතුහලය මුසු රසය අත්විඳින්නට පෙම්වතා පියවර ගෙන තිබුණ අතර දින දෙක තුනක්ම වැඬේ හරි ගිය නිසා එය පුරුද්දක් ලෙස කරගෙන ගොස් තිබුණි. රෑ ජාමයේ කාමරයට රිංගන පෙම්වතා පෙම්වතිය සමග අඹුසැමියන් ලෙස හැසිරී පසුව උදේ පාන්දර අනෙක් අය අවදිවන්නට පෙර කාමරයෙන් පැනයාම සිරිත විය.
මේ අතර පසුගිය දිනෙක පෙම්වතියගේ පියා රාත‍්‍රී කාලයේ මගුල් උත්සවයකට සහභාගීවී සිටි අවස්ථාවක පෙම්වතා මෙම නිවසට එන්න උත්සාහ කර ඇයට ඇමතුමක් දී තිබේ. ඇය පවසා ඇත්තේ ‘අද නම් තාත්තා රෑ වෙනවා ඔයා ජනේලෙන් නෙමෙයි දොරෙන්ම ඇතුළට එන්න මං අම්මා එහාට වෙනකං ඉඳල ඇතුළට ගන්නම්‘ ලෙසිනි.
ඒ කියූ අයුරින්ම එම දිනයේත් පෙම්වතා රාජකාරියට වාර්තා කළ අතර කිසිදු සැකයක් බියක් නැතිව නිවස තුළටම ගොස් කාමරයට රිංගන්නට හැකිවිය.
මේ අතරවාරයේ රෑ දෙගොඩහරි යාමයේ මංගල උත්සවය නිමාවී පෙම්වතියගේ පියා නිවසට එද්දී දොර අසළ තිබුන සැකසහිත දෙයක් ගැන විමසිලිමත් විය. වෙනදා දකින්නට නොලැබෙන රෝස පාට ලොකු සෙරප්පු දෙක කාගේදැයි ඔහුට සැකයක් ඇති විය.
නිවසට ඇතුළුවීමෙන් පසු සියල්ල නින්දට ගොස් ඇති බව දැක හෙමින් සීරුවේ බිරිය අමතා ඔහු විමසා තිබුනේ අර අලූත් සෙරප්පු දෙක ඔයා කවද්ද ගත්තේ ලෙසිනි. එවැනි සෙරප්පු දෙකක් ගැන තමා නොදන්නා බව බිරිය කියූ නිසා ඔහුට සැකය තවත් වැඩි විය. ඔහු සිතුවේ නිවසට හොරෙක් ඇතුළුවී ඇති බවකි. වහාම නිවස සෝදිසි කරන්නට පටන්ගත් ඔහු ලොකු දුව නිදා සිටි කාමරයට තට්ටු කර ඒ ගැන දැනුවත් කරන්නට උත්සුක විය.
දොරට වැදුණු තට්ටුව සමග කාමරයේ සැඟව සිටි පෙම්වතාට එක්වරම කරන්නට දෙයක් සිතාගන්නට බැරිව ඔහු ඇඳ යටට රිංගුවේය. මේ නිසා ඒ දොර අරින්නට පමාවක් ඇති විය.කාමරයට තට්ටු කරත් එක්වරම දොර නාරින හේතුව නිසා පියාට තවත් සැකය වැඩිවිය ‘දොර අරින්න දුවේ මොකද පරක්කු’ කියමින් පියා කුතුහලයෙන් කෑගැසුවේය.

පසුව දියණිය දොර විවෘත කර හොරයක් අහුවුණ ගාණට පැත්තකට වී කාරණාව විමසද්දී පියා කාමරය පුරා සෝදිසි කළේ සොරා හැංගී ඇත්තේ කොහේද බලන්නටය.
පසුව ඇඳ යට පරීක්ෂා කරද්දී හොරා අතටම අසුවිය. ඔහුගේ බෙල්ලෙන් අල්ලාගෙන සාලය වෙත ගෙන ගොස් ලයිට් දමා බලද්දී මේ නාඳුනන හොරෙකු නොව දුවගේ යාළුවා නේදැයි පියා හඳුනාගෙන ඇති අතර සිද්ධවී ඇති දෙවල් සියල්ල අවබෝධ කර ගත්තේය. ලජ්ජාවට පත් දියනිය මුහුණ වසාගෙන හැංගෙන්නට උත්සාහ කර තිබුණි.
තම බාල වයස්කාර දියණියගේ පෙම්වතා රාත‍්‍රි කාලයේදී ඇයගේ කාමරයේ ඇඳ යට සැඟවී සිටියදී අතටම අල්ලා ගත් බව පවසමින් මේ දෙදෙනාව වීරකැටිය පොලිසියට බාරදීමට පියා කටයුතු කළේ ඉන් පසුවයි.

පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස එදිනත් හැසිරුන බවද පොලිසියට පවසා ඇත. බාල වයස්කාර දියණිය වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යැවීමට නියමිතව තිබිණි. සැකකාර පෙම්වතා වලස්මුල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය පිළිබඳව වලස්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.