මින්පසු 1990 අමතා Free ඇම්බියුලන්ස් ගෙන්න ගන්න
මුලදී දකුණට විතරයි

ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙන් ලංකාවට ලැබුණ ගිලන් රථ 88 ක් සහ පුද්ගලික පරිත්‍යාගශීලියෙකුවූ වෛද්‍ය ඞීවීකේ.රෙඞ් මහතාගේ අනුග‍්‍රහයෙන් ගිලන් රථ 20 ක් එකතුව ගිලන් රථ 108 ක් ජනතා සේවයට යෙදවීම ඊයේ සිට ක‍්‍රියාත්මක වුණා.
නොමිලයේ ලබාදෙන පූර්ව රෝහල් සත්කාරක ගිලන් රථ
සේවාවක් වන මෙමගින් 1990 අංකය අමතා හදිසි රෝගියෙකු රෝහල වෙත රැගෙන යාම සිදුකරවා ගත හැකිය.
1990 අංකය ඇමතීමට මෙන්ම ගිලන් රථයේ ප‍්‍රවාහනය කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව සිදු වෙයි.


ආරම්භයේදී අද සිට මෙම සේවාව දකුණු පළාතට පමණක් සීමාවෙන අතර තවත් සති දෙකක පමණ කාලයකින් අගොස්තු මාසයේදී බස්නාහිර පළාතට එය ඇරඹෙනු ඇත.

අනතුරුව තවත් ගිලන් රථ ගෙන්වා ඉදිරියේදී අදියර කිහිපයකින් දීප ව්‍යාප්ත සේවාවක් ලෙස මෙම සේවය ක‍්‍රියාත්මක වනු ඇත.
1990 අංකය ඔස්සේ මෙම ගිලන් රථ සේවාව සම්බන්ධ කරගත හැකි අතර ඒ ඇමතුම් සම්බන්ධීකරණය පිණිස 50 දෙනෙකු යොදවා ඇත.

මෙම සේවාව තුළ නියාමකවරුන් කර්මික ශිල්පීන් ඇතුළු ශ‍්‍රී ලාංකිකයන් 550 ක් සේවයේ නිරතවන අතර ඔවුන්ව ඉන්දියාවට යවා පුහුණුවක්ද ලබාදී තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක ඉන්දීය මූල්‍ය ප‍්‍රදානයක් ලෙස මෙම ගිලන් රථ සේවාව ශ‍්‍රී ලංකාවට ලබාදී ඇත.
ඊයේ ගාලුමුවදොර පිටියේදී මෙම සේවාව අගමැති ප්‍ර්මුඛ පිරිස වෙතින් ආරම්භවූ අයුරු ඡායාරූපය ඉහළ දක්වා ඇත.