කරු ජයසූරියව එමිරේට්ස්
ගුවන් යානයෙන් බැස්සුවේ
වැඩි හොඳට - Emirates දන්වයි


කතානායක කරු ජයසූරිය පසුගියදා ශ‍්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව බලා පුද්ගලික වියදමින් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ගමන් කරන්නට යෙදුණ උත්සාහයකදී එමිරේට්ස් ගුවන් යානාවක අසුන් ගැනීමෙන් පසුව එහි යා නොහැකි බව දන්වා බස්සවා තිබූ අතර පසුව අපහසුතා විඳ ඔහු සිංගප්පූරු ගුවන් සේවය ඔස්සේ පැය 12 කට පටු දිවයිනෙන් පිටත්වීමේ සිද්ධියක් වාර්තාවී තිබුණි.
මෙම අපහසුතාවය ගැන
කතානායකවරයා ශ‍්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා වෙත සිය කණස්සල්ල පළ කරමිින් ලිපියක් ලියා තිබුණ අතර එයට පිළිතුරු ලෙස තානාපතිවරයා අදාළ ගුවන් සේවාවට දන්වා ඇත්තේ කතානායකවරයාගෙන් සමාව ඉල්ලන ලෙසයි.
ඒ අනුව එමිරේට්ස් ගුවන් සමාගම කතානායක වරයාගෙන් සමාව ඉල්ලා ලිපියක් යොමු කර තිබේ.


එහි සඳහන්ව ඇත්තේ, මෙම ගමන වැළැක්වීමට කටයුතු යෙදුණේ කතානායකවරයාගේ ‘වැඩි හොඳට’ බවයි.හදිසි හෘද රෝගයක් යයි කියමින් කතානායකවරයා සිංගප්පූරුවට යන්නට සූදානම්ව සිටි නමුත් හදිසි තත්වයකදී ක‍්‍රියාකිරීමට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රථමාධාර සම්බන්ධයෙන් එම අවස්ථාවේ ගුවන් යානය සූදානම්ව නොසිටි බවයි.කල් ඇතිව දැනුම්දී අනුමැතිය ලැබ තිබුනේ නම් ඒ සූදානම ඇති කරගත යුතුව තිබුණ බවත් කතානායකවරයා හා බහින්බස්වූ නිලධාරියා ක‍්‍රියාකර ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධ සමාගමේ නීති අනුව බවත් එහි සඳහන්ව ඇත. ඇමරිකානු කාර්යාලය භාරයේ තිබෙන ‘මෙඩි ලින්ක්’ සේවාව ඔස්සේ කරුණු තහවුරු කිරීමෙන් පසු අවසර නොලැබේ නම් තමන්ට මගීන්ව දමා යන්නට සිදුවන බවත් ඔහු එලෙස ක‍්‍රියාකළේ අවසරය නොලද නිසා බවත් දන්වා ඇත.
කෙසේ වෙතත් සිද්ධිය නිසා කතානායකවරයා අපහසුතාවයට පත්වූයේ නම් සමාව ඉල්ලන බවද එමිරේට්ස් සමාගම දන්වා ඇත.
සිංගප්පූරුවට ගිය පසු සිදුකළ වෛද්‍ය පරීක්ෂණ අනුව කතානායකවරයාට මතුව ඇත්තේ හෘදය ආශ්‍රිත රෝගයක් නොව බැක්ටීරියා ආසාදනයක් බවට කරුණු හෙළි විය.

සිද්ධිය සම්බන්ධ පෙර ගොසිප් ලංකා වාර්තාව මෙතැනින්