පබාට දරු සම්පත්

දේශපාලන හා කලා ලොවේ ප‍්‍රකට චරිතයක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හා ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලී මව් පදවියට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.
ඇය පසුගිය මාර්තු මාසයේ
වාහන සේල් හිමි ව්‍යාපාරික සමන්ත පෙරේරා සමග


විවාහ වූ අතර ඇගේ දෙවන විවාහය වූ එය සාර්ථක කරගන්නට උපරිම වෙහෙස දරන බව ඒ දිනවල මාධ්‍ය අමතා කියා තිබුණි.
මේ වනවිට දරු ප‍්‍රසූතියට සූදානම්වන ඇය වෛද්‍ය හමු සඳහා කොළඹ ප‍්‍රසිද්ධ රෝහලක සායන වෙත ගමන් කරන බවත් දේශපාලනයෙන්ද ඉවත්වී  ටෙලි නාට්‍ය වලින්ද ඉවත්වී සිටින ඇයගේ ඉදිරි එකම අරමුණ බවට පත්ව ඇත්තේ යහපත් ආකාරයෙන් දරුවා බිහිකිරීම බවද කියා තිබෙනවා.
දරු උපත සිදුවන්නට ලබන දෙසැම්බරය දක්වා (තවත් මාස 5 ක් පමණ) ගතවන බවට වෛද්‍යවරුන් අනුමාන කළ බවද ඇය පවසා තිබෙනවා.
පහත නැවත පළකර තිබෙන්නේ ඇගේ විවාහ දිනයේ ඡායාරූප එකතුවයි.


http://www.gallery.gossiplankanews.com/wedding/upeksha-swarnamalis-second-wedding.html
Pix By - Suren Abeysundara & Indika Prabath Weerasinghe  Dress-Dananjaya Bandara,flowers-chamathkara,card & box-younma,Grooms outfit- wills,Saree-Sarita,Planner-Sampath & Nirosha(viwaha),Cake-chandani,Video-event media