ගල් මුල් බාධක මැද  සුවිශේෂ ලෝක පිළිගැනීමක්
මුරලි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විශිෂ්ටයන්ගේ නාම ලේඛනයට

පසුගියදා  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන්ට පුහුණුවක් ලබාදෙන්නට යාම නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරී දේශපාලකයන් විසින් ‘දේශ ද්‍රෝහී’ චෝදනාවෙන් මැඩලනු ලැබූ ලෝක පූජිත ක‍්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඒ සියලූ බාධක ආශිර්වාදයක් කරමින් සුවිශේෂ ජාත්‍යන්තර පිළිගැනීමකට
ලක්ව තිබේ.
එනම් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විශිෂ්ටයන්ගේ නාම ලේඛනයට

ඔහු ඇතුළත් කළ බවට ඊයේ නිවේදනය වීමෙනි.

ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු මේ ආකාරයට නම් කර ඇත්තේ පළමු වතාවට වන අතර එම ලේඛනයට ඇතුළු වන්නට ආවාට ගියාට කෙනෙකුට අපහසු වන බවද පැවසේ. අන්තර්ජාතික තරගවලදී කඩුළු 1000 සීමාව පසුකළ ප‍්‍රථම ක‍්‍රීඩකයා වන මුරලිදරන් මේ ආකාරයේ ගෞරවනීය පිළිගැනීමකට ලක්වීම ගැන ශ‍්‍රී ලාංකිකයන්ටද ආඩම්බරයකි.මුරලි ගැන අයහපත් කතා පුතුරුවා හරින වකවානුවේම මෙම සම්මානගත ආරංචිය ලැබීමද දෛවෝපගතය.
මුරලිට කඩප්පුලි කතා කියූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ට මෙම සම්මානය සමග කට උත්තර නැතිව තිබෙන අතර ඊයේ සවස පැය කිහිපයකට පමණක් එම නිල වෙබ් අඩවියේ මුරලිට සුබ පතා නිවේදනයක් ප‍්‍රසිද්ධ කර තිබූ බවත් එය පසුව ඉවත් කර ඇති බවත් වාර්තා වුණා.