මලායාසියානු තරුණියකට
ඇල්ලේදී අතවර


ඇල්ල ප‍්‍රදේශයේ නවාතැන්ගෙන සිටි විදෙස් ජාතික තරුණියකට අතවර කිරීමේ සිද්ධියක් නිසා ශ‍්‍රී ලාංකික තරුණයන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඇල්ල කිතල්වැල්ල රත්මල්කන්දවත්ත ප‍්‍රදේශයේ පිහිටි සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටි මේ කියන මැලේසියානු ජාතික තරුණිය පසුගිය දිනෙක පිටතට ගොස් නැවත සිය නවාතැනට පාගමනින් එද්දී ඇය එමින් සිටි කැලෑ බද පාළු පාරේ
මග රැක සිටි මෙම තරුණයින් තිදෙනා ඇය අල්ලාගෙන

කැලයට ඇදගෙන ගොස් තිදෙනාම එක්වී අතවර කර තිබේ. පසුව ඇය තල්ලූකර දමා ඇය සතුව තිබුණ රුපියල් දයසය දහසක පමණ වටිනාකමින් යුතු ජංගම දුරකථනයක්ද රැගෙන ඔවුන් පළාගොස් ඇත.

ඇගේ සාක්කුවක තිබුණ අනෙක් ජංගම දුරකථනය අතවර කරන අය දැක නැති අතර ඇය ඔවුන් පළාගිය අවස්ථාවේ එම ජංගම දුරකථනයෙන් සංචාරක බංගලාවට ඇමතුමක් ලබාදී සිද්ධිය විස්තර කර තිබේ.

බංගලාවේ කළමනාකරු වහාම පොලිසියට ඒ ගැන දැනුම්දීමෙන් පසු ඒ අවස්ථාවේ සංචාරයේ නියුතු පොලිස් නිලධාරීන් පිරිසක් දැනුවත් කර තිබෙන අතර සිද්ධියෙන් මිනිත්තු 10 කටත් අඩු කාලයකදී සැකකරුවන් මාර්ග සෝදිසියෙන් අල්ලාගන්නට ඇල්ල පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.
අත්අඩංගුවට පත් අය බණ්ඩාරවෙල හීල්ඔය ප‍්‍රදේශයේ බස් කොන්දොස්තර වරයෙකු හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.