හෙට මහින්දගේ පාද යාත‍්‍රාවට
තැන් දෙකකින් බාධා
ඒකාබද්ධ විපක්ෂය මගින් මහනුවර සිට කොළඹ දක්වා පවත්වන ජන සටන පාද යාත‍්‍රාව ජූලි 28-01 දිනවල පවත්වන්නේ කොටස් 5 කටය. හෙට දළදා මාළිගාව අභියස සිට මාවනැල්ල නගරය දක්වාත් අනිද්දා නෙළුම්දෙණිය දක්වාත්
සෙනසුරාදා නිට්ටඹුව දක්වාත් ඉරිදා කිරිබත්ගොඩ දක්වාත්
මෙහි පළමු කොටස අරඹන හෙට මහනුවර නගරයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක්ද පවතින අතර එහිදී මෙම දෙපිරිස විරුද්ධ මත දරමින් පෙළපාලි යනු ඇත.
එසේම හෙට පාද යාත‍්‍රාව අවසන් කරන්නට නියම කරගෙන සිටින මාවනැල්ලට ඔවුන්ට ඇතුළුවීම තහනම් කරමින් අද අධිකරණ නියෝගයක් පොලිසිය වෙත ලැබිණි.
ඒ අනුව ‘ජනසටන’ බාධා සහිතව ක‍්‍රියාත්මක වනු ඇත.