ගම්පහ දිස්ත‍්‍රික් දිසා විනිසුරුවරිය හා මිනුවන්ගොඩ දිස්ත‍්‍රික් මහේස්ත‍්‍රාත්වරිය ලෙස කටයුතු කළ අයි.එම්. ධම්මිකා ඉලංගසිංහ මහත්මියගේ වැඩ තහනම් කරන්නට
අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබේ.
ඇයට එරෙහිව ලැබී තිබුණ පැමිණිලි කිහිපයක්
සම්බන්ධ විමර්ශනයක්


සිදු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ලබාදී ඇත. ඇය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ඊයේ 22 අධිකරණ ලේඛන පරීක්ෂා කිරීමටද කොමිසම පැමිණ තිබුණ අතර පොත් පත් කිහිපයක්ම විමර්ශන භාරයට ගත් බවත් වාර්තා වුණා.
සිකුරාදා දිනයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම සිදුකර ඇති අතර අධිකරණ සේවා කොමිෂන් සභා නියෝගයෙන් පසු ඇය නිල නිවස හැර ගොස් ඇති බවද වාර්තාවේ.
ඇගේ විමර්ශනයට හේතුවූ කරුණු තවම අනාවරණය කර නැත.