පසුගිය කාලයේ පාසල් රග්බි ක්ෂේත‍්‍රයේ ඇතිවූ අප‍්‍රසන්න සිදුවීම් හා ගැටුම්කාරී වාතාවරණයන් සැලකිල්ලට ගෙන අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ රග්බි ක‍්‍රීඩාවේ යෙදෙන ධර්මරාජ ත‍්‍රිත්ව හා කේරි විදුහල්වලට කාල සීමාවන් කිහිපයකට යටත්ව
රග්බි ක‍්‍රීඩා
තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ රග්බි කණ්ඩායමට මාස 9ක තරග තහනමක් පනවා ඇති අතර, එම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුටද පාසල් කණ්ඩායම්වල පුහුණු කටයුතු කිරීමට තහනම් කර තිබේ.
ඊට අමතරව ධර්මරාජ රග්බි ක‍්‍රීඩකයින් 07 දෙනෙකුට වසරක තරග තහනමක් පැනවෙනු ඇති.
කොළඹ කේරි විද්‍යාලයට හා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලවල අවුරුදු 20න් පහළ රග්බී කණ්ඩායම්වලට මාස 06 බැගින් වූ තරග තහනමක්ද පනවා ඇත.
මෙලෙස විනය පියවර ගැනීමට හේතු වූයේ, පසුගිය දිනවල පැවැති රග්බී තරග කිහිපයකදී ඇති වූ කළහකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් පසුව බව දන්වා ඇත.