බ‍්‍රසීලයේ රියෝ 2016 ඔලිම්පික් තරගෙට
ලංකාවෙන් යන 9 දෙනා
ජනපති හමුවෙලා


බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර ලබන මාසයේ පැවැත්වෙන 2016 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 09 දෙනෙක් තරග කරන්නට නියමිතය.
ඔවුන් මැරතන් (පිරිමි හා කාන්තා), හෙල්ල විසිකිරීම (පිරිමි), බැඞ්මින්ටන්, ජූඩෝ, බර ඉසිලිම,
පිහිනුම් හා ඉලක්කයට වෙඩි තැබීම යන කී‍්‍රඩා ඉසව් 08 ක් සඳහා


සුදුසුකම් ලබා ඇත.  සිය මව් රටට කීර්තියක් අත්කරදීමට අපේක්ෂාවෙන් සිටින ඔවුන් එරටට පිටත්ව යන්නට පෙර ඊයේ (21) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අතර ඔවුන්ට ආශිර්වාද කිරීමත් සමරු මුද්දර නිකුත් කිරීමත් සිදුවිය.
කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් යන මහත්වරුන් ද, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.