තෙවරප්පෙරුම දිවිනසාගැනීමට තැත් කරද්දී
ළමයි 10 දෙනාම ගන්න ප‍්‍රින්සිපල් එකඟ වෙයි



මතුගම, මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ආරම්භ කළ උපවාසය අද (30) දහවල් මාරාන්තික ලෙස
අවසන් කළා. අවසාන මොහොතේ

ඔහු පුටුවක නැගී විදුලි පංකාවක ගෙල සිරකරගෙන තිබෙන අතර එම පුටුව ඉවතට ගත්තේ නම් ඔහු එල්ලී මියයන්නට ඉඩ තිබුණි.
නමුත් ඔහු පුටුව ඉවත් කරන්නට පෙර විදුහල්පතිවරයා ‘මං ළමයි 10 ම ඉස්කෝලෙට ගන්නම්..මැරෙන්න එපා’ යයි පැවසීම නිසා ඔහු දිවිනසාගැනීමේ තැත හා උපවාසය අත්හැර තිබේ.
අනතුරුව සිරුර දුර්වල මට්ටමක පවතින නිසා ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම සඳහා රෝහල වෙත රැගෙන ගිය බව වාර්තා වුණා. අද උදෑසන වාර්තා වූයේ ඔහු එජාපයේ අනුග‍්‍රහයෙන් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකරන්නටද නියමිත බවයි.
ඔහු පුටුවක නැගී විදුලි පංකාවේ ගෙල සිරකරගෙන සිටි අවස්ථාවේ ඡායාරූපයක් පහතින්