යුරෝපා සංගමයේ බි‍්‍රතාන්‍යය තවදුරටත් රැඳී සිටිය යුතුද නැද්ද යන්න විමසීමට පසුගිය බ‍්‍රහස්පතින්දා (23දා) පැවැත්වූ ජනමත විචාරණයේදී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඞ් කැමරන් පරාජයට පත්වුණා. එහිදී කැමරන්ට සහයෝගය ලබාදීම සඳහා
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහත් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබූ අතර බි‍්‍රතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩල වීසා ලබා සිටිමින් තාවකාලිකව හා ස්ථිරව සිටි අයට එහිදී ඡන්ද බලය හිමිවූ නිසා බහුතරයක්වූ ලාංකිකයන්ගේ සහයෝගය එයට ලබාදීම සඳහා
ප‍්‍රචාරණයක් ගෙනයාමට සය දෙනෙකු එහි පිටත්කර යවා තිබුණා.

ඔවුන් අතරින් එජාපයෙන් යවා තිබුනේ අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප‍්‍රධානී හිටපු රාජ්‍ය ඇමැතිනි රෝසි සේනානායක මහත්මියත් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාත්ය.

එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් එංගලන්තය බලා ගොස් තිබුණි.
බි‍්‍රතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුය යන කැමරන්ගේ මතය ප‍්‍රචලිත කිරීම ඔවුනගේ අභිප්‍රාය විය.
මෙම ජනමත විමසුමෙන් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඞ් කැමරන් ගේ මතය පරාජයට පත්වූ පසු ඔහු ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වූ අතර ශ්‍රී ලංකා රජයේ නියේජිතයින්ද අවසානයේ එම පරාජයේ කොටස් කරුවන් බවට පත් විය.